Sunday, June 17, 2012

තනිකඩයි මම (දිමුත් මධුශංක)


උපුටා ගැනීම සම්පුරනෙන් තහනම් වචන අදහස් සියල්ල මගේ....
දිමුත් මධුශංක ක්‍රියේෂන්

මෙය තවත් කතාවක් නොව...මගේ හිතට දැනෙන දේ මගේ විදියට ඇත්ත කතාවක් අවාසනාවට

තනිකඩයි මම ...
මම යනවා බස් එකක රැකියාවට..රැකියාවෙන් මාව යවනවා රටේ හැමතැන...
ඔහෝම යද්දී මට හම්බ වෙනවා ගොඩක් අය....හම්බ වෙනවා ලස්සන කෙල්ලෙක්....
හරිම ලස්සනයි බස් එකේ යද්දී හම්බ වෙන්නේ....මම ඇහැත් දානවා එයාට...එයත් මට දානවා ඇහැ...ඔහොම ටිකක් දුර යනවා.එතකොට එයාට කෝල් එකක් එනවා.කනේ ගහගන්නවා ෆෝන් ඒක...එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන්....සතුටට වීදුරුවෙන් එලිය බලනවා මම..පේනවා මට ගස් වැල්...ආදරේ කියන්නේ ඕකටලු...අහනවා මම හිතින් ඇත්තද ?ඔකද ආදරේ කියන්නේ?අහනවා ආයෙත් මම හිතින්...එයා මට හම්බ වෙන්නේ නෑලු...එයා බස් ඒකෙන බැහැලා ගියාලු...බලනවා මම වීදුරුවෙන් එලිය..පේනවා මට ගස්වැල්...අහනවා හිතින් මම ආදරේ කියන්නේ ඕකටද?

මම යනවා ගෝල්ෆේස් ඒක ලඟින්....පේනවා මට මුහුද...දකිනවා බංකු ටිකක්..පේනවා කුඩ...ඉන්නවා දෙන්නෙක්...ලස්සනට තුරුල් වෙලා...කුඩෙකින් වහගෙන...බලනවා මම මුහුද දිහා.අහනවා හිතින් මම..ආදරේ කියන්නේ ඕකටද?තව ටික දුරක් යනවා මම...පේනවා නැවක් ඈතින් මට..පේනවා ලඟින්ම ඇවිදින කපල් එකක් මට...ගෑනු ළමයා ලස්සනයිලු මට....ඒත් එයාල දෙන්න දුකින් ඉන්නවා කියල තේරෙනවා මට....බලනවා මුහුද දිහා මම...අහනවා හිතින් මම..ආදරේ කියන්නේ ඕකටද?

බොසාගේ වැඩකට යනවා මම මැජේස්ටික් සිටි එකට....පේනවා මට උඩට ඔටෝ යන පඩිපෙළ..එකේ යනවා කොටට ඇඳගත්ත මේකප් දාපු කෙල්ලෙක් එක්ක කොල්ලෙක්...බලනවා මම ලිෆ්ට් ඒක දිහා...අහනවා හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?....යනවා මම එකේ ඇතුලේ ෂොප් එකකට...ෂොපින් ඇවිල්ලා කළු කොල්ලෙක් එක්ක ලස්සන කෙල්ලෙක් ඇතුලට....බලනවා රෙදි කෑල්ලක් මම..අහනව හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?...

ආයෙත් නගිනවා බස් එකක මම....පේනවා අයිනේ වාඩි වෙලා ඉන්න උකුළු මුකුළු කරන ජෝඩුවක්‌ මට.....ගෑනු ළමයා හරි ආදරෙයි වගේ කොල්ලට...බලනවා කඳුළු පිරුණු දෑසින් මම ෂිට් එකක් දිහා තනියම...වාඩි වෙලා මම අහනවා හිතින් ...ආදරේ කියන්නේ මේකටද?...නගිනවා ජෝඩුවක්‌ බසයට....කලිසම ඇඳගත්ත දෙන්නෙක් ඇවිත් හිට ගන්නවා මගේ ළඟ...හරිම චුටි සුදු ගෑනු ළමයෙක්...ලස්සන කොල්ලෙක් එක්ක....බලනවා මගේ ළඟ හිටිය ආච්චි දිහා මම..අහනවා හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?

කොළඹ කැම්පස් ඒක ලඟින් යනවා බස් ඒක....කොල්ලෙක් යනවා කෙල්ලෝ දෙන්නෙක් එක්ක ඇතුලේ ඇවිදගෙන....අක්කද නංගිද මේ හිතෙනවා මට...ආදරේ කරනවා ඇති ඒ දෙන්නම එක්කෙනෙකුට...බලනවා රෙඩ් ලයිට් ඒක දිහා මම..කොළ පාට වෙන්න ලඟයි වගේ.අහනවා කහ එළියෙන් මම...ආදරේ කියන්නේ ඔකද?යනවා රීගල් ඒක ලඟින් මම....දකිනවා ෆිල්ම් එකක් ඉවර වෙලා වග...පේනවා එලියට ඇඳුම් හදන් එන දෙන්නෙක් මට...බලනවා ෂිට් ඒක යට මම...හිතේ ඉරිසියාවෙන් අහනවා මම...ආදරේ කියන්නේ ඕකටද ?

පේනවා මට හැමදාම...දෙන්නෙක් හරි ආදරෙන් ඉන්නා වග...කඳුළු පිරිණු දෑසින් බලනවා ගෙදර ගිහින් කන්නාඩිය...අහනවා කන්නාඩියෙන් මම...ලස්සන ආදරයක් මට කරන්න කෙල්ලෙක් නැද්ද මේ ලොව ?බලනවා ජනේලෙන් එලිය මම...හොයනවා ලෝකය පුරා ආදරයට ආදරය කරන කෙල්ලෙක් ලොව හැමතැන...නැත කිසි වෙකුත් තාමත් මට...හැංගෙනවා මම....අහිංසක ආදරයක් තද කරගෙන මගේ පපුව යට..


0 comments:

Post a Comment