පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Sunday, January 29, 2012

ලෝක විනාශේ අද නෙමෙයි හෙට

2000 ට කලින් -ටීවී එකක් බලන්න හරි ආසයි පොඩි කාලේ සූර පප්පා කාටුන් ඒක යද්දී හැමදාම අම්මට මොනා හරි කියල ශේප් කරලා සුර පප්පා බලනවා
2000 ට පස්සේ -පබා,අමා,මුතු කිරිල්ලිලා ආවා ගෑනු අඬන එකයි කොල්ලෝ බුට්‌ කන එවයි බැලුවා ඒවා හිතට ගත්තා අපිත් ඒ විදියට හිතන්න ගත්තා
2000 ට කලින් -ගමේ කොල්ලොත් එක්ක ක්‍රිකට් ගැහුවා එල්ලේ ගැහුවා අම්මා පොලේ යද්දී අම්මත් එක්ක පොලේ ගියා
2000 ට පස්සේ-ක්‍රිකට් ගේම් හෙවුවා කම්ප්යුටරෙන් ඕස්ට්‍රේලියා ටීම් ඒක අරගෙන අනිත් ටීම් වලට 6 ඒවා ගැහුවා බාන් බඩි වලින් පැල වවලා අස්වැන්න ගත්තා හිඟා කාලා සත්තු ගත්තා සත්තුන්ගේ ඇඟ ක්ලික් කරලා සල්ලි හෙවුවා ගේම් එකක් වෙනුවෙන්
2000 ට කලින්-ගෙදර කට්ටියත් එක්ක යාලුවොත් එක්ක එකතු වෙලා ගීතෙන් ගීතේ කිවුවා දාම් ඇද්දා බයිසිකල් පැද්දා කඳු පල්ලම් වල හති වැටෙනකම්
2000 ට පස්සේ-හෙඩ් ෆෝන් ඒක හරි ear phone ඒක හරි කනේ ගහගෙන සින්දු අහන්න ගත්තා චෙස් අදින්න ගත්තා ගේම් වලින් need for speed car ගේම් ගැහුවා වේගෙන් වාහන එලවන්න මානසිකත්වයක් ආවා
2000 ට කලින්-අපි හොඳ සිංහලෙන් කතා කරා අපේ අම්මලා අපිට හොඳට මනුස්සයෙක් එක්ක අපේ රටේ විදියට කතා කරන්න පුරුදු කරා
2000 ට පස්සේ-ඉන්ග්ලිෂ් වචන දාලා කතා කරන්න ඕනි කියල කියනවා සිංහලින් කතා කරොත් කොළඹ මිනිස්සු නොන්ඩි කරනවා දැන් ඉන්න පොඩි එවුන් ඉන්ටනැෂනල් ස්කුල් දාල ඒ පොඩි උන කිසිම සිංහල වචනයක් දන්නේ නෑ ඔන්ලි ඉන්ග්ලිෂ්
2000 ට කලින්-හික්ස් කකුල් 2 ගැම්මෙන් ටොයිලට් ගියා ටොයිලට් තිබුනේ ගේ පිටි පස්සේ
2000 ට පස්සේ-වාදී වෙලා ටොයිලට් යන්න වෙලා ටොයිලට් ඒක බාත්රුම් ඒක එකටම තියෙන්නේ එකත ගේ ඇතුලේ ඇටැච් බාත්රුම්ලු
2000 ට කලින්-මනුස්සයොත් එක්ක සුහදව මුණ බලාගෙන කතා කරා මිනිස්සුන්ව හොඳට අඳුරගෙන හිතවත් කමක් ගොඩ නගාගෙන කතා කරා පිට රට යාලුවට පෑනේ මිතුරන් යයි කියා ලියුම් යැවුවා
2000 ට පස්සේ -ෆේස්බුක්.මේල්.ට්විටර් අනං මනං ආවා චැට් එකේ කවදාවත් නොදැකපු කොහොම මිනිස්සුද කියල නොදැන තමන්ගේ අම්මා තාත්තාද කියලවත් නොදැන ඔහේ ප්‍රෝ පික්චර් එකක් දිහා බලාගෙන අකුරු ටයිප් කරන්න පුරුදු උනා ඒකට කියන්නේ චැට්ලු ස්කයිප් එකෙන් මුණ බලාගෙන කතා කරන්න පුරුදු උනා
2000 ට කලින්-ගංගාවල් වල පැනල ඇති වෙන්න පීන පීන නෑවා පොතක් කියෙවුවා නවකතා පත්තරේ කියෙවුවා ආච්චි සීයා කියන ලස්සන කතා අහගෙන හිටියා
2000 ට පස්සේ-බාත්රුම් එකේ ෂවර් එකෙන් නාන්න ගත්තා නව කතා ඉන්ටනෙට් එකෙන් අරන් කියවන්න පුරුදු උනා ආච්චි සීයා කියන කතා වෙනුවට යු ටියුබ් එකේ අයගේ කතා අහන්න ගත්තා
2000 ට කලින් -අම්මා තාත්තා එක්ක ගොඩාක් වෙලා හිටියා එයාලා එක්ක හිටියා වෙන කිසිම දේකට හිතක් තිබුනේ නෑ හැම තත්තපරයක්ම එයාලත් එක්කම ගත උනා
2000 ට පස්සේ-අම්මා තාත්තා වෙනුවට ෆේස්බුක් එකේ ඉන්න යහළුවන් එක්ක කාලේ ගෙවනවා පාටි වල නයිට් ක්ලබ් වල ඉඳං සමහරු ඒ අයත් එක්ක ඉන්නවා
අපි කරපුවා කවදාවත් ආයෙත් එන්නේ නෑ ඒ ලස්සන ගමේ ගොඩේ හිටියත් කොළඹ හිටියත් ඒ ලස්සන අතීතය නෑ
තව ටික කාලෙකින් සිංහල කියල භාෂාවක් මේ ලංකාවේ තියෙන එකක් නෑ පන්සලකට යන මින්ස්සු අඩු වේවි ෆෝන් වලින් මැසේජ් වලින් කෙල්ලෝ කොල්ලෝ ජිවත් වේවි සතුටු වේවි පරණ හණ මිටි කතාවක නොවන බවත් පරණ හණ මිටිය වුවත් සතුට තිබුනේ එහි බවත් හැමෝටම අමතක වෙලා කම්ප්යුටර එක්ක අනාගතේ වර්තමානේ මිනිස්සු ජිවත් වේවි ලංකාව කියල අමතක වේවි මහන්සි වෙලා වැඩක් කර ගන්න බැරි වේවි හැමදේම ගුගල් එකෙන් හොයා ගනීවි ඔන්න 2000 ට කලින් හා 2000 ට පසුව තත්වේ තව ටික කාලෙකින් ලංකාව වෙනුවට ඇමෙරිකාවක් බිහි වන බව නොඅනුමානයි