පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Monday, September 10, 2012

වෙන කාගේවත් අදහසක් නොව මෙය මගේ අදහසකි :) :)

දිමුත් මධුශංක ක්‍රියේෂන් Dimuth Madushanka Creation

ලොව උතුම්ම වචනය


පිළිගන්නවද මම සති 2 ක් අම්මලාගෙන් ඈත් වී සිටි බව?
පිළිගන්නවද මට එ දවස් ටිකේ තනියම ඉද්දි ගොඩක් දුක දැනුනු බව?
පිළිගන්නවද මම සති දෙකේම ගෙදර හිටියේ ඔක්කොම වැඩ කරගත්තේ තනියෙන් බව?
පිලි ගන්නවද ස්කයිප් එකෙන් ඇරුනම මම වෙන කිසිම කෙනෙක් එක්ක සති 2 ක් කතා කරේ නැති බව මොනා හරි මගේ දෙයක් ගැන?
පිළිගන්නවද සති 2 ක් මම බඩගින්නේ කඩේ කෑම කාල හිටිය බව?
පිළිගන්නවද මට අම්මගේ බත් වල රහ ඇය නැති සති 2 කඩෙන් කද්දී දැනුනු බව?
පිළිගන්නවද දවසටම එක වේලක් මම කෑ බව ?
පිළිගන්නවද එ කන වේල කොළඹ මැස්සෝන්ගේ කෙල ගෑවුණු බත්,පේස්ට්‍රි වගේ දේවල් බව?
පිළිගන්නවද අම්මලා එක්ක නැතුව වැඩිම කාලයක් හිටිය කාලය මෙය බව?
පිළිගන්නවද මට දැනුනු පාළුවේ තරම අම්මලා නැතුව ඉන්නා කොට?
පිළිගන්නවද මගේ පාළුව මකන්න මගේ ළඟ කවුරුත් හිටියේ නැති බව?
පිළිගන්නවද එ පාලුවෙන් හිටිය දවස් වල මම සිගරට් එක්ක අරක්කු උගුරක්‌ නොබිපු වග?
පිළිගන්නවද කඩේ කෑම දිගටම කන කොට දැනෙන දුක ?
පිළිගන්නවද අම්මාට එන්න බැරි හේතුව ඇයගේ අසනීපයක් නිසා බව?
පිළිගන්නවද ඇය අද මට එව්ව මැසේජ් එකක් බව?
පිළිගන්නවද ඇය එව්ව මේ මැසේජ් එක මට "දැන් බෙහෙත් බිල ඉදිමුම අඩුයි අද දත ගලවයි.මට බයයි එක කරන්න. ඒත් කොළඹ එන්න ඕනි නිසා ඉක්මනට දත ගලවන්නයි හදන්නේ.මට දුකයි ඔයාට කන්නවත් විදියක් නැහැනේ"
පිළිගන්නවද අම්මා කෙනෙක්ගේ ආදරයේ තරම?
පිළිගන්නවද මට මේ මැසේජ් එක දැකල කඳුළු කඩන් වැටුණු වග?

කණ්ණාඩිය

සත්‍ය වශයෙන්ම මෙහි ඇත්ත නැත්ත අපි දන්නෙමු.ගැහැණු ළමුන් ආශ්‍රය කිරීමෙන් ලද අත්දැකීමක් ඔබටද ඇති බව හොඳා කාරවම දනී :D :D

තනිකඩ මම 2




                                                     තනිකඩ මම 2

එයාලා සහ මම

එයාලා ෆෝන් එකෙන් කතා කරනවා හොරෙන්ම ආදරේ කරන කෙනත් එක්ක.මම ඒ වෙලාවට ෆෝන් එකෙන් සිංදුවක් අහනවා


එයාලා ෆෝන් එකෙන් මැසේජ් යවද්දී ආදරේ කරන කෙනාට මම ෆෝන් එකේ ඇති ස්නේක් ශින්ෂියා ගහනවා

එයාලා ගෝල්ෆේස් ගිහින් කුඩෙන් වහගෙන ආදරේ කරද්දී මම ඉස්සෝ වඩේ එකක් අරගෙන කුඩෙන් වහගෙන කයි

එයාලා වික්ටෝරියා පාක් එකේ ගස් යටට වෙලා ආදරේ කරද්දී මම ඔන්චිල්ලාවක පැද්දී පැද්දී සහ පොනියෙක්ගේ පිටේ නැගී ගෙන රවුමක් ඇවිදියි.

එයාලා කාර් එකක ඉස්සරහ ෂිට් එකේ යද්දී එකට මම බස් එකේ ආච්චි කෙනෙක් සමඟ සුහදව කතාවක යයි.

එයාලා ෆිල්ම් එක බොක්ස් එකක් තුල නරඹද්දී මම කඩල ගොට්ටක් හපමින් O.D.C එකේ ෆිල්ම් එක නරඹයි

එයාලා ස්කයිප් එකෙන් මුණ දිහා බලාගෙන කතා කර කර ඉද්දි මම ස්කයිප් එකෙන් අපේ සර් සමඟ ෆයිල් හුවමාරු කර ගනී

එයාලා ෆේස්බුක් එකේ රිලේෂන් ෂිප් දාගෙන ආදරේ කරද්දී මම සිංගල් දාගෙන පාඩුවේ පැත්තකට වී ස්ටේටස් එකක් දමා සතුටු වෙති

එයාලා බස් එක කෝච්චිය තුල එකට යද්දී හිටගෙන වාඩි වී ආදරේ කරද්දී මම ෆුට් බෝඩ් එකට වී පාර දෙපස ගස්වැල් දිහා බලයි

එයාලා හැමදාමත් ආදරේ කරද්දී මම හැමදාමත් තනියම ආදරේ හිතේ දරාගනිද්දී තනියම හැම දෙයක්ම දරාගෙන හැමදාමත් තනිකම කසාද බඳියි