Monday, September 10, 2012

තනිකඩ මම 2




                                                     තනිකඩ මම 2

එයාලා සහ මම

එයාලා ෆෝන් එකෙන් කතා කරනවා හොරෙන්ම ආදරේ කරන කෙනත් එක්ක.මම ඒ වෙලාවට ෆෝන් එකෙන් සිංදුවක් අහනවා


එයාලා ෆෝන් එකෙන් මැසේජ් යවද්දී ආදරේ කරන කෙනාට මම ෆෝන් එකේ ඇති ස්නේක් ශින්ෂියා ගහනවා

එයාලා ගෝල්ෆේස් ගිහින් කුඩෙන් වහගෙන ආදරේ කරද්දී මම ඉස්සෝ වඩේ එකක් අරගෙන කුඩෙන් වහගෙන කයි

එයාලා වික්ටෝරියා පාක් එකේ ගස් යටට වෙලා ආදරේ කරද්දී මම ඔන්චිල්ලාවක පැද්දී පැද්දී සහ පොනියෙක්ගේ පිටේ නැගී ගෙන රවුමක් ඇවිදියි.

එයාලා කාර් එකක ඉස්සරහ ෂිට් එකේ යද්දී එකට මම බස් එකේ ආච්චි කෙනෙක් සමඟ සුහදව කතාවක යයි.

එයාලා ෆිල්ම් එක බොක්ස් එකක් තුල නරඹද්දී මම කඩල ගොට්ටක් හපමින් O.D.C එකේ ෆිල්ම් එක නරඹයි

එයාලා ස්කයිප් එකෙන් මුණ දිහා බලාගෙන කතා කර කර ඉද්දි මම ස්කයිප් එකෙන් අපේ සර් සමඟ ෆයිල් හුවමාරු කර ගනී

එයාලා ෆේස්බුක් එකේ රිලේෂන් ෂිප් දාගෙන ආදරේ කරද්දී මම සිංගල් දාගෙන පාඩුවේ පැත්තකට වී ස්ටේටස් එකක් දමා සතුටු වෙති

එයාලා බස් එක කෝච්චිය තුල එකට යද්දී හිටගෙන වාඩි වී ආදරේ කරද්දී මම ෆුට් බෝඩ් එකට වී පාර දෙපස ගස්වැල් දිහා බලයි

එයාලා හැමදාමත් ආදරේ කරද්දී මම හැමදාමත් තනියම ආදරේ හිතේ දරාගනිද්දී තනියම හැම දෙයක්ම දරාගෙන හැමදාමත් තනිකම කසාද බඳියි

0 comments:

Post a Comment