Monday, September 10, 2012

ලොව උතුම්ම වචනය


පිළිගන්නවද මම සති 2 ක් අම්මලාගෙන් ඈත් වී සිටි බව?
පිළිගන්නවද මට එ දවස් ටිකේ තනියම ඉද්දි ගොඩක් දුක දැනුනු බව?
පිළිගන්නවද මම සති දෙකේම ගෙදර හිටියේ ඔක්කොම වැඩ කරගත්තේ තනියෙන් බව?
පිලි ගන්නවද ස්කයිප් එකෙන් ඇරුනම මම වෙන කිසිම කෙනෙක් එක්ක සති 2 ක් කතා කරේ නැති බව මොනා හරි මගේ දෙයක් ගැන?
පිළිගන්නවද සති 2 ක් මම බඩගින්නේ කඩේ කෑම කාල හිටිය බව?
පිළිගන්නවද මට අම්මගේ බත් වල රහ ඇය නැති සති 2 කඩෙන් කද්දී දැනුනු බව?
පිළිගන්නවද දවසටම එක වේලක් මම කෑ බව ?
පිළිගන්නවද එ කන වේල කොළඹ මැස්සෝන්ගේ කෙල ගෑවුණු බත්,පේස්ට්‍රි වගේ දේවල් බව?
පිළිගන්නවද අම්මලා එක්ක නැතුව වැඩිම කාලයක් හිටිය කාලය මෙය බව?
පිළිගන්නවද මට දැනුනු පාළුවේ තරම අම්මලා නැතුව ඉන්නා කොට?
පිළිගන්නවද මගේ පාළුව මකන්න මගේ ළඟ කවුරුත් හිටියේ නැති බව?
පිළිගන්නවද එ පාලුවෙන් හිටිය දවස් වල මම සිගරට් එක්ක අරක්කු උගුරක්‌ නොබිපු වග?
පිළිගන්නවද කඩේ කෑම දිගටම කන කොට දැනෙන දුක ?
පිළිගන්නවද අම්මාට එන්න බැරි හේතුව ඇයගේ අසනීපයක් නිසා බව?
පිළිගන්නවද ඇය අද මට එව්ව මැසේජ් එකක් බව?
පිළිගන්නවද ඇය එව්ව මේ මැසේජ් එක මට "දැන් බෙහෙත් බිල ඉදිමුම අඩුයි අද දත ගලවයි.මට බයයි එක කරන්න. ඒත් කොළඹ එන්න ඕනි නිසා ඉක්මනට දත ගලවන්නයි හදන්නේ.මට දුකයි ඔයාට කන්නවත් විදියක් නැහැනේ"
පිළිගන්නවද අම්මා කෙනෙක්ගේ ආදරයේ තරම?
පිළිගන්නවද මට මේ මැසේජ් එක දැකල කඳුළු කඩන් වැටුණු වග?

0 comments:

Post a Comment