පරිගණක,විද්‍යාව සහ හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

මෙඩිකල් හෙල්ප් ගෘපය වෙත පැමිණිලා ඔබේ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත ගැටළු ඉදිරිපත් කරන්නත් අමතක කරන්න එපා.

ජීවිතය,සතුට හැමදේම එකම තැනකින් දැන් ඔබට සමීපතම විදියට තේරෙන භාෂාවෙන් ඔබට අවශ්‍ය සියලු දේ දැන් All Round Creation Blog ඒකෙන් විතරයි

ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටළු ගෘපය වෙත එකතු වී ඔබේ දැනුම වැඩි කර ගන්න.එකතු වන්න ගෘපයත් සමඟ

අපි හැමදාමත් හොඳම දේ හොඳම විදියට දෙනවා ඔයාලට ඒ අපේ අරමුණයි

සිනහා වෙන්න දුක් නොවන්න මේ අපේ පුංචි ජීවිතයයි.හෙට මැරෙයිද දන්නේ නෑ.සතුටින් ඉන්න.

ජිවිතයට පරිගණකයට ඔබේ සියලු දේට හොඳම දේ මෙතනින්

ඔබේ අදහස් අපිට දෙන්න අපිට ඒවා ගොඩක් වටිනවා.ඔබේ අදහස් යෝජනා චෝදනා වලින් අපිට අපේ ගමන යන්න පුළුවන්.ඔබට ජය.

Sunday, June 17, 2012

තනිකඩයි මම (දිමුත් මධුශංක)


උපුටා ගැනීම සම්පුරනෙන් තහනම් වචන අදහස් සියල්ල මගේ....
දිමුත් මධුශංක ක්‍රියේෂන්

මෙය තවත් කතාවක් නොව...මගේ හිතට දැනෙන දේ මගේ විදියට ඇත්ත කතාවක් අවාසනාවට

තනිකඩයි මම ...
මම යනවා බස් එකක රැකියාවට..රැකියාවෙන් මාව යවනවා රටේ හැමතැන...
ඔහෝම යද්දී මට හම්බ වෙනවා ගොඩක් අය....හම්බ වෙනවා ලස්සන කෙල්ලෙක්....
හරිම ලස්සනයි බස් එකේ යද්දී හම්බ වෙන්නේ....මම ඇහැත් දානවා එයාට...එයත් මට දානවා ඇහැ...ඔහොම ටිකක් දුර යනවා.එතකොට එයාට කෝල් එකක් එනවා.කනේ ගහගන්නවා ෆෝන් ඒක...එයාගේ බෝයි ෆ්‍රෙන්ඩ්ගෙන්....සතුටට වීදුරුවෙන් එලිය බලනවා මම..පේනවා මට ගස් වැල්...ආදරේ කියන්නේ ඕකටලු...අහනවා මම හිතින් ඇත්තද ?ඔකද ආදරේ කියන්නේ?අහනවා ආයෙත් මම හිතින්...එයා මට හම්බ වෙන්නේ නෑලු...එයා බස් ඒකෙන බැහැලා ගියාලු...බලනවා මම වීදුරුවෙන් එලිය..පේනවා මට ගස්වැල්...අහනවා හිතින් මම ආදරේ කියන්නේ ඕකටද?

මම යනවා ගෝල්ෆේස් ඒක ලඟින්....පේනවා මට මුහුද...දකිනවා බංකු ටිකක්..පේනවා කුඩ...ඉන්නවා දෙන්නෙක්...ලස්සනට තුරුල් වෙලා...කුඩෙකින් වහගෙන...බලනවා මම මුහුද දිහා.අහනවා හිතින් මම..ආදරේ කියන්නේ ඕකටද?තව ටික දුරක් යනවා මම...පේනවා නැවක් ඈතින් මට..පේනවා ලඟින්ම ඇවිදින කපල් එකක් මට...ගෑනු ළමයා ලස්සනයිලු මට....ඒත් එයාල දෙන්න දුකින් ඉන්නවා කියල තේරෙනවා මට....බලනවා මුහුද දිහා මම...අහනවා හිතින් මම..ආදරේ කියන්නේ ඕකටද?

බොසාගේ වැඩකට යනවා මම මැජේස්ටික් සිටි එකට....පේනවා මට උඩට ඔටෝ යන පඩිපෙළ..එකේ යනවා කොටට ඇඳගත්ත මේකප් දාපු කෙල්ලෙක් එක්ක කොල්ලෙක්...බලනවා මම ලිෆ්ට් ඒක දිහා...අහනවා හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?....යනවා මම එකේ ඇතුලේ ෂොප් එකකට...ෂොපින් ඇවිල්ලා කළු කොල්ලෙක් එක්ක ලස්සන කෙල්ලෙක් ඇතුලට....බලනවා රෙදි කෑල්ලක් මම..අහනව හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?...

ආයෙත් නගිනවා බස් එකක මම....පේනවා අයිනේ වාඩි වෙලා ඉන්න උකුළු මුකුළු කරන ජෝඩුවක්‌ මට.....ගෑනු ළමයා හරි ආදරෙයි වගේ කොල්ලට...බලනවා කඳුළු පිරුණු දෑසින් මම ෂිට් එකක් දිහා තනියම...වාඩි වෙලා මම අහනවා හිතින් ...ආදරේ කියන්නේ මේකටද?...නගිනවා ජෝඩුවක්‌ බසයට....කලිසම ඇඳගත්ත දෙන්නෙක් ඇවිත් හිට ගන්නවා මගේ ළඟ...හරිම චුටි සුදු ගෑනු ළමයෙක්...ලස්සන කොල්ලෙක් එක්ක....බලනවා මගේ ළඟ හිටිය ආච්චි දිහා මම..අහනවා හිතින් මම...ආදරේ කියන්නේ මේකටද?

කොළඹ කැම්පස් ඒක ලඟින් යනවා බස් ඒක....කොල්ලෙක් යනවා කෙල්ලෝ දෙන්නෙක් එක්ක ඇතුලේ ඇවිදගෙන....අක්කද නංගිද මේ හිතෙනවා මට...ආදරේ කරනවා ඇති ඒ දෙන්නම එක්කෙනෙකුට...බලනවා රෙඩ් ලයිට් ඒක දිහා මම..කොළ පාට වෙන්න ලඟයි වගේ.අහනවා කහ එළියෙන් මම...ආදරේ කියන්නේ ඔකද?යනවා රීගල් ඒක ලඟින් මම....දකිනවා ෆිල්ම් එකක් ඉවර වෙලා වග...පේනවා එලියට ඇඳුම් හදන් එන දෙන්නෙක් මට...බලනවා ෂිට් ඒක යට මම...හිතේ ඉරිසියාවෙන් අහනවා මම...ආදරේ කියන්නේ ඕකටද ?

පේනවා මට හැමදාම...දෙන්නෙක් හරි ආදරෙන් ඉන්නා වග...කඳුළු පිරිණු දෑසින් බලනවා ගෙදර ගිහින් කන්නාඩිය...අහනවා කන්නාඩියෙන් මම...ලස්සන ආදරයක් මට කරන්න කෙල්ලෙක් නැද්ද මේ ලොව ?බලනවා ජනේලෙන් එලිය මම...හොයනවා ලෝකය පුරා ආදරයට ආදරය කරන කෙල්ලෙක් ලොව හැමතැන...නැත කිසි වෙකුත් තාමත් මට...හැංගෙනවා මම....අහිංසක ආදරයක් තද කරගෙන මගේ පපුව යට..


දිමුත් මධුශංක වෙන මට දැනුනු ගමනක්



උපුටා ගැනීම තහනම්...වචන නිර්මාණය සම්පුර්ණ අයිතිය මම(දිමුත් මධුශංක)

ටිකක් දිග උනාට කියෙවුවාට පාඩුවක් නැති කතාවක්...

කන්ද උඩින් මීදුමක් නැගෙද්දී වෙලාව උදේ 5.55 විතර මයි හිතේ...සිටිබි බස් එක ඇල්ල වැල්ලවාය පාරේ කන්ද නැග ගෙන එනවා ගැඩවිල් සෙවල පණුවක්ගේ ඇඟේ යන කුම්බියෙක් වගේ ..
කන්ද උඩට එනකොට ටිකක විතර සීතලයි...
ඇල්ල බහින්න කියලා කොන්දොස්තර කෑ ගහලා කියද්දී අපේ තාත්තා බෑග් ඔක්කොම එක
ගන්නවා..ඊලඟ හෝල්ට් එකේ තියෙනවා ඉස්ටේෂන් එක...බහින්න ඕනි ඉක්මනටම.ස්ටේෂන් එකේ බහින්න.....කොන්දොස්තර හයියෙන් කෑ ගහද්දි බෑග් එක අල්ලාගෙන ඉක්මනට බැහැගත්තු අපි 4 දෙනා ඇල්ල ස්ටේෂන් එකට එන්න කන්ද නැග ගෙන පයින් උඩට එනවා....සිතල දැනෙන්නේ නෑ බෑග් වල බර නිසා...හික් ...අපි ඔහොම නැගල ස්ටේෂන් එකට ඇවිල්ලා තාත්තා ටිකට් ගන්නකම් බලන් ඉන්නවා..වොරන්ටි එක තියෙන නිසා සල්ලි ඕනි නෑ ....ටිකට් ෆ්‍රී...
ඔන්න අපි ඇතුළු උනා...ස්ටේෂන් එකට......සුද්දෝ සුද්දියෝ ඉන්න අතරේ ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා...අම්මලා ළඟ නිසා බලන්න බෑනේ ...මොනා කරන්නද රේල් පාරේ පිලි දිහා බලනවා ඇරෙන්න...
ඉතින් ටිකක් වෙලා යනවා..ඈතින් ඇහෙනවා හූ ගාලා සද්දයක්....කඳු දෙවනත් කරගෙන හූ සද්දේ අපේ දෙසවන් වලට ඇහෙද්දී කෝච්චියට නගින්න හරිම ආසාවක් දැනෙනවා....ප්ලැට්ෆෝම් එකට ඔන්න කෝච්චිය වංගු අරගෙන එනවා හරිම ලස්සනයි...ඉක්මනට ෂීට් එකක් අල්ලගන්න ඕනි නිසා ඉක්මනට තාත්තයි මමයි නැග ගන්නවා මුලින්ම කෝච්චියට...දුවල පැනලා පෙට්ටි ටිකේ යන්තම් ෂීට් 4 ක් අල්ල ගන්නවා එක තැන....
ඔන්න කොළ කොඩිය පිටි පස්සේ ඉඳං සුදු ඇඳ ගත්ත මාමා කෙනෙක් කැප් එකක් දාගෙන හරි උජාරුවට වනනවා....එක දැක්ක ගමන් එන්ජින් එකේ ඉන්න ඩ්‍රයිවර් හෝන් එක ගහන්නේ හූ ගාලා....ඒ හූ සද්දේම ආයෙත් කඳු වල වැදිලා වැදෙනවා අපේ කන් වලට ...හරිම මිහිරියි....කෝච්චිය ඔන්න දැන් ටිකෙන් ටික ඇදෙනවා කන්ද දිගේ පයට කිලෝ මීටර 10 ක් 20 ක් අතරේ ස්පීඩ් ඒකෙන...ඒ තමා උපරිම ස්පීඩ් එක...හරිම ලස්සනයි....ලස්සන වතුර ගංගා ඇදෙනවා කෝච්චියට යටින්....ඒවා කොච්චර ලස්සනද කියනවනම් උඩ ඉඳං බැලුවම ගඟේ පතුලේ මාළු පේනවා ඒ තරම් පිරිසිදු වතුර...
හරිම ලස්සනයි ....දිය ඇලි කඩන් වැටෙනවා මේ අතරේදී බණ්ඩාරවෙලට එද්දී මග දෙපස....ලොකු ඒවා නෙමෙයි චුටි දිය ඇලි..වෙලාව උදේ 6.40 විතර...දැන් ඔන්න නැගගෙන කන්ද දිගේ එනවා කෝච්චිය......ජනේලෙන් එබිලා බැලුවම කෝච්චියේ ඉස්සරහත් පේනවා වංගු ගනිද්දී පිටිපස්සත් පේනවා....කඩල කාරයෙක් කඩල කඩල කියලා කෑ ගහද්දි වඩේ කාරයෙක් ඉස්සෝ වඩේ පරිප්පු වඩේ උණු උණු වඩේ කියලා හයියෙන් කෑ ගහනවා....සිතල දරා ගන්න බැරි තරම්....මීදුමෙන් වැහිලා ...පල්ලම් කඳු දැක්කම හිතට හදවතට හරිම නිවනක් දැනෙනවා....ඒ හැඟීම වචන වලින් කියන්න බෑ....එක දැනෙන්නම ඕනි....තියෙන ප්‍රශ්න ඔක්කොම කන්දෙන් පහලට වැටුනා වගේ හැඟීමක් එනවා සත්තයි...
වඩේ කැල්ලක් එක්ක බැදපු මිරිස් කරලක් හපද්දී සීතලට පුදුම සතුටක් දැනෙන්නේ....දැන් හපුතලේ නැග ගෙන පයිනස් ගස් අස්සෙන් කෝච්චිය එනවා හයියෙන් හෝන් එක ගහගෙන......සීතලම සීතලයි....හිරි ගඩු පිපිලා...කිටි කිටි ගානවා දත් ටික....
ඉද්දමල්ගොඩ පහු වෙද්දී ඔන්න දිග බිංගි හම්බ වෙනවා.......කොල්ලෝ කුරුට්ටෝ හූ ගාලා සද්ද කරද්දී මාත් පොඩ්ඩක් අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න හූ කියලා කියනවා...ඒත් කරුමෙට මගේ හුව ඇහෙන්නේ නෑ...මට හූ කියන්න බෑ...කරුමේ කියන්නේ ඕකට තමා...හික්...ඉතින් ඔහොම උඩට උඩට නැග ගෙන එද්දී ඔන්න වම් අත පැත්තේ තියෙනවා අඹේවෙල කිරි මධ්‍යස්‌ථානය...එකේ පෙන්න දෙයක් නෑ....ඒත් ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ....දැන් නම් සීතලයි හිටු කියලා..ජර්සි දාගෙන ඉන්නත් බෑ..ඒ තරම් සීතලයි..කලින් දවසේ වැස්ස නිසා සිතල වැඩි වෙලා....
ඉතින් කොහොම හරි දැන් ඔන්න වටවල හරියෙන් බහිනවා කෝච්චිය හෙමින් හෙමින් ...දැන් අර කන්ද නැගල ඉවරයි....ඉර අවුවක්‌ පේන තෙක් මානෙක නෑ...ඉර එළියක්‌ වැටුන චුටි තැනකට උනත් ටක් ඇඟිල්ලක් හරි තියලා සිතල මකා ගන්න වෙර දරනවා.....
ඉතින් වටවල තේ වතු ටික පල්ලමෙන් පේනවා හරිම ලස්සනයි..තේ දළු නෙලන ඇන්ටිලා කුම්බියෝ තණකොළ ගස් වල ඉන්නවා වගේ මට පෙන්නේ...හරියටම කිවුවොත් ඈත තියෙන පිට්ටේනෙක හරක් ටක තණකොළ කනවා වගේ.....හරිම ලස්සනයි..කොළ පාටට පාටේ මුළු පලාතම පුදුම හිතට සැහැල්ලුවක් ගේනවා....
ඔහොම එද්දී ඔන්න දැන් නානුඔය පහු වෙලා මගේ පරණ කෑල්ල හිටිය හැටන් අන්න එහෙත් පහු වෙලා :D එනවා පේරාදෙණියට....නුවරට යන සිල්වත් ඇත්තෝ ටිකයි සුද්දෝ ටිකයි එතනින් බැහැලා යද්දී අපි ඔන්න කඩුගන්නාව කන්ද බැහැගෙන එනවා කඩුගන්නාව කපොල්ල දකිද්දී හරිම සතුටුයි...තව පොඩ්ඩෙන් අමතක වෙනවා...ඇයි උතුවන් කන්ද සිරිපාදේ ...හරිම ලස්සනට පේනවා...ඒ විතරද...දිය ඇලි තොගයක් කඩන් වැටෙනවා..ලස්සන ගංගා වල් ගොඩාරියක් බහිනවා...ඉහල කොත්මලේ ජලාශේ එහෙම පෙනෙද්දී මාරයි ඈ..
ඉතින් ඔහොම ඔහොම හෙමින් පල්ලම් බැහැලා ඔන්න දැන් රඹුක්කනට ආවා...එතන ඉඳං තැන්න තියෙන්නේ...පුදුම හදිසියක් නැග්ග එක පාරට කෝච්චියට....පැයට කිලෝ මීටර 20 ට විතර ආපු කෝච්චිය දැන් 80 ට විතර යනවා පුදුම යෑමක්......
පොල්ගහවෙල පහු වෙලා දැන් දැන් නගරෙට කිට්ටු වෙනවා...දාඩියයි පුදුම විදියට......ඔන්න වේයන්ගොඩ ගම්පහ රාගම පහු වෙලා දැන් දැන් එනවා නගරෙට......ඔන්න මරාදානේටත් කිට්ටු උනා...පල් ගඳ ඉවසන්න බෑ....හැමතැනම කොන්ක්‍රීට් ගස්......මිනිස්සු දාඩිය පෙරාගෙන දුවනවා දුවනවා කාර් වාහන තෙල් පෙර පෙර දුම් දාගෙන ට්‍රැෆික් ලයිට් වලට බැන බැන ඉංග්‍රීසි වචන දොඩවා දොඩවා සල්ලි කියන මාරයා පස්සේ දුවනවා....මනුස්ස කමක් හිතවත්කමක් හැමදේම කම්පැනි එකේ ලොක්කට භාර වෙලා...කොටුව ස්ටේෂන් ඒකෙන බහිද්දී මිනිස්සු දුවන දිවිල්ල දැක්කම මට හිතුනේ.................
ජිවත් වෙලා මොකටද මිනිසුනේ මෙහෙම .........අතේ සල්ලි නැතත් ඒසී රූම් වල නැතත් මනුස්සකම ඇතුව තමන්ට පහසුකම් ඇතුව නියම හදවතේ සැහැල්ලුවෙන් ජිවත් වෙන මිනිස්සු ටිකක් පහු කරගෙන ආවා කෝච්චියත් රඹුක්කන පැනල නගරෙට කිට්ටු උනාම වෙනස් උනා වගේ කොළඹ කියන සීමාවට පය ගැහුවට පස්සේ ඕනිම මිනිහෙක්ගේ හිතේ හදවත සතුට හිතේ සැහැල්ලු කම ආදරය ටිකකට පැත්තකට කරලා සල්ලි බලය පස්සේ දුවන ජනප්‍රියතාවය පැන පැන සොයන කොන්ක්‍රීට් විදුරු ගෙවල් වල ජිවත් වෙන ඔහෙලට වඩා හදවතින් පෝසත් ගස්වැල් එක්ක ජිවත් වෙන කොළ පාට ජිවිතයක් එක්ක ඉන්න මිනිස්සු එක්ක ඉන්න මට වාසනාවක් ඇත්නම් ........


ආදරේ කියන්නේ මේකටද?



උපුටා ගැනීම තහනම්..වචන සියල්ල අයිතිය මගේ
@@දිමුත් මධුශංක ක්‍රියේෂන්@@
හේ හේ හේ හේ :D හිතන් හිටියා ඔයා මට හම්බ වෙයි කියලා.ඒත් අද එයාටත් කොල්ලෙක් ඉන්නවා කියලා දැන ගත්තා ....:) ගෙදර එහා පැත්තේ හිටිය ගෑනු ළමයා. :) කණ්ණාඩි දානවා ටිකක් සුදුයි :) එයත් යන්න ගියා..... :'(
හැමදේම වෙන්නේ හොඳට කියලා කට කහනවට කවුරු හරි කිවුවට ඕවා ඇත්ත කතාද?අපිටත් කතා ගොඩ නගන්න පුළුවන්.ඒත් ඕව විද්‍යාත්මකව පහදලා දීපු කෙනෙක් ඉන්නවද?එක්කෙනෙකුගේ අත්දැකීම් වලින් හැමෝවම මනින්න බෑ...ඔය හැම කතාවක්ම කිවුව අය කියන්න ඇත්තේ එයාලගේ අත්දැකීම් වලින්,හැමදේම වෙන්නේ හොඳටලු කියන ඒ කතාව කියන්න කලින් අම්මා මැරුණු කෙනෙක්ගෙන් ඇහුවා නම් හැමදේම වෙන්නේ හොඳටද කියලා කනේ පාරක් දීලා කියයි උත්තරේ...
කියන්න ලේසියි කරන්න අමාරුයි..
මොන්ටිසෝරි යද්දී හිටියා ගෑනු ළමයෙක් නම තිලිනි...
ආදරේ බොක්කෙන් තේරුනේ නැති උනාට හැබැයි ඒ ගෑනු ලමයට මගේ හිතේ කැමැත්තක් තිබුනා.එක ලව් එකක් නෙමෙයි වෙන්න ඇති.ඒත් හිතේ කැමැත්තක් තිබුනා.මට අද වගේ මතකයි .එයා කලන්තේ දැම්ම වෙලාවේ මම ඇඩුවා මට කඳුළු ආවා.හරියටම 2 වසරේදී කොහොම උනත් වෙන සිද්ධි මට මතක නෑ.ඒත් අපේ ටිචර්ගෙන් ගුටි කද්දී මම එයාගේ ඇස් දිහා බැලුවා මට හොඳට මතකයි.ඒ තෙරෙනේ කමකට නෙමෙයි.එයා ඉස්සර ගහනවට ලජ්ජා හිතුන නිසා ...
3 වසරේදී මම ගියා වෙන ඉස්කෝලෙකට අරකෙන් අයින් වෙලා..ඊට පස්සේ එකේ හිටියා ඒත් නම තියෙන තිලිනි කෙනෙක්....එයාටත් මට කැමැත්ත තිබුනා.ඔන්න මු මහා අන්ඩයෙක් කියලා හිතන්න එපා ඒ මගේ ඉස්සර ඉඳන්ම තිබුණු ආසාවක් කෙනෙක්ට ආදරේ කරන්න :)
ඉතින් එයාලයි අපියි අල්ලන සෙල්ලම කරද්දී අනිත් උන් අනිත් කෙල්ලෝ පස්සේ දුවද්දී මම දුවන්නේ තිලිනි පස්සේ :) හික් පොඩි කාලෙනේ තේරුමක් නෑ එච්චර.හැබැයි මම ආස උනේ අනිත් අයට වඩා 2 වෙනි තිලිනි පස්සේ දුවන්න...ගිහිල්ල එයාව අල්ලන්න සෙල්ලමට..එතකොට තිලිනි කියලා හිටිය ගෑනු ළමයාගේ හොඳම යාලුවා ගයත්මා ..එයා ඇවිල්ලා අල්ලන සෙල්ලමේදී මට ගහද්දි මම එයා දිහා ඔරවල බලනවා.මොකද මම කැමති උනේ තිලිනි ඇවිල්ලා මට ගහනවට :)
කොහොම උනත් 4 වසර අවසානෙදි මට තිලිනිට වඩා ගයත්මා හොඳ උනා.මන්ද මොකද කියලා
ඒත් මට එයාට හිත ගියා.ටික ටික තිලිනිව එපා උනා.හැබැයි මේක ලව් කියලා කියන්න බෑ.හැබැයි මට හිතෙනවා මේක ලව් වෙන්න ඇති කියලා .

ඉතින් කොහොම උනත් ඊට පස්සේ ගයත්මා එක්ක මම ගොඩක් ලං උනා...අපි දෙන්න අතින් අල්ලලා තියෙනවා පොඩි කාලේදී ..ඒ තමා මම ජිවිත කාලෙම තේරුමක් නැතුව හරි කෙල්ලෙක්ගෙ අතින් අල්ලපු පලවෙනි වතාව හා අවසාන වතාව..:)කොහොම උනත් අපි එකම ක්ලාස් එකකට තමා ගියේ. :)එයාගේ තාත්තා සර් කෙනෙක් අම්මා මිස් කෙනෙක්.කොහොම උනත් අපේ අම්මයි ගයත්මගේ අම්මයි ෆිට් උනා.ඕක දැකපු මට ඊට වඩා ෆිට්.හි හි ඇයි කියලා දන්නේ නෑ හැබැයි ගයත්මාගේ අම්මා අපේ අම්මත් එක්ක ෆිට් එකේ ඉන්දෙද්දී මම මාර සතුටෙන් හිටියේ.අර මෙදිකෝ රවුන්ඩ් එකක් තිබුනා ක්ලාස් යන තැන.ඕක එක්කෙනෙක් කරකවන්න ඕනි වේගෙන්.ඉතින් මම ගයත්මාට පෙන්න හෙන වේගෙන් කට්ටියව වාඩි කරවල කැරකෙවුවා හෙන වේගෙන්..කාටද අප්පේ ආඩම්බර :)
කොහොම උනත් ශිෂ්‍යත්ව විභාගේ ඉවර උනා.මට 142 යි.එයාට 148 ද කොහෙද?මතක නෑ.ඊට පස්සේ මම කොළඹ ඉස්කෝලෙට ආවා.ගයත්මා මට අමතක උනේ නෑ ..කොළඹ ඉස්කෝලේ කිසිම කෑල්ලක් හිටියේ නෑ.ඒ අවුරුදු දෙකේ එපා වෙලා හිටියේ..ඉතින් ඊට පස්සේ වීරකැටියේ ඉස්කෝලෙට ගියාම එකේ නම් හිටියා නියම ගෑනු ළමයි ටිකක්..
ඔන්න මම එතකොටයි දැක්කේ මගේ පරණ යාළුවො ගොඩක් මේ ඉස්කෝලේ ඉන්න බව.:) එතකොට මම පස්සේ දැනගත්තා ගයත්මා ඉන්නේ ඉන්ග්ලිෂ් මිඩියම් ක්ලාස් එකේ කියලා :)

ඊට පස්සේ ඉතින් මට ඕගන් ගහන්න පුළුවන් නිසා සිංහල මිස් සින්දුවක් ගහන්න කිවුවා හැම ක්ලාස් එකටම ගිහින්.එතකොට ගයත්මාගේ ක්ලාස් එකටත් ගියා.:D අනිත් හැම එකෙටම වඩා හොඳට ගැහුවා :) ඔන්න ගයත්ම හිනාවක්‌ දානවා මට :) හි හි කොහොමද මට තියෙන සතුට.7 වසරේදී :)
ඊට පස්සේ කොහොම උනත් ගයත්මා මා එක්ක කතා කරේ නෑ.ඉතින් මටත් උවමනාවක් තිබුනේ නෑ.පස්සේ ඔහොම ඉන්න අතරේ මධුකා කියලා කෙල්ලෙක් හිටියා.වැඩක් නෑ හැම කොල්ලම එයා පස්සේ..:) හරියටම ඓශ්වරයා රායි වගේමයි.පුදුම ලස්සනක්.ඉතින් මාත් හොරෙන් හොරෙන් ලව් කරා එතකොට 9 වසරේදී.පස්සේ දැන ගත්තේ එයාට කොල්ලෙක් ඉන්නවා කියලා.හැබැයි මම ඉතින් හිතින් ලව් කරපු එකනේ.දිගටම කරන් ගියා. :) ඔය අස්සේ කෙල්ලෙක් මගෙන් ඇහුවා නොවැ.:)ඔපර්ශා කියලා හි හි මගෙනුත් නෙමෙයි මම ගැන මගේ යාලුවෙක්ගෙන් අහලා.ඊට පස්සේ ඌ හැම තැනම කියලා.පස්සේ කෙල්ලම ඇවිල්ල මාව හම්බ උනා.මගෙන් අහනවා මොකද අර යාළුවො කියන්නේ කියල හිනා වේවි.අපෝ මම කැමති උනේ නෑ..මට එයාව හිතට ඇල්ලුවේ නෑ.කොහොමත් පස්සේ දැන ගත්තා එයාටත් කොල්ලෙක් ඉන්නවා කියලා :)

දැන් ඇති වගේ..මට මේ දේවල් මතක් උනේ දැන් අර දැනගත්තු දේ එක්ක.දුකටත් එක්ක අතීතේ මතක් උනා.ඔහේ ටයිප් කරලා දැම්මා :) ගණන් ගන්න එපා..මම අම්මට කිවුවා දැන් ඉන්න හැම කෙල්ලටම කොල්ලෙක් ඉන්නවා 7 වසරේදී 8 වසරේදී හිටන් යාලු වෙලා ඉන්නේ කියලා

අම්මා කියනවා මට හොඳ කෙල්ලෙක් හම්බ වෙයිලු.ඉස්සෙල්ලා තැනකට එන්නලු.මට තැනකට එන එක ප්‍රශ්නයක් නෙමෙයි අම්මේ ඒත් මම තැනකට ඇවිල්ලා ගන්න ගෑනු ළමයා කොල්ලෙක් එක්ක යාලු වෙලා හිටියේ නැති ගෑනු ළමයෙක් වෙන්නේ නැත්නම් මම ඇවිල්ල ගන්නේ තැන විතරද?කෝ මට ආදරයක්?
මිනිස්සු කියනවා පුතෙක් හොයන්නේ අම්මා කෙනෙක් වගේ ලේලියෙක්ලු.ඇයි එහෙනම් මට තාමත් මගේ කිසිම කෙල්ලෙක් මගේ අම්මා වගේ නැත්තේ?

මිනිස්සු කියනවා හැම කෙල්ලම දැන් යාලු වෙලාලු.ගෙදර දොරේ ඇතුලෙම හැදුනු ගෑනු ළමයි තාමත් ඉන්නවලු.ගෙදර දොරේ හැදුනු ගෑනු ළමයි ආදරේ කරලම නැද්ද?එයාල ඉස්කෝලේ යද්දී ක්ලාස් යද්දී හම්බ උනේ නැද්ද ආදරයක් කියලා දෙයක් කොල්ලෙක් කියලා කෙනෙක්?කෝ මට ආදරයක්
මිනිස්සු කියනවා ආදරේ කොහේදී හරි කවදාක හරි හම්බ වෙනවලු.ඇයි එහෙනම් තාමත් අවුරුදු 25 ක 26 ක වුනු අය තනිකඩව ඉද්දි 10 වසරේ 11 වසරේ ගෑනු ළමයි කොල්ලෙක් එක්ක යාලු වෙලා ඉන්නේ?

අපේ ගෙදර බෝඩිම් වෙලා ඉන්න මල්ලි අද ගියා එයාගේ ගෑනු ළමයත් එක්ක ඇවිදින්න.මට පේනවා එයා ගෑනු ළමයා එක්ක මැසේජ් යවන හැටි.කෝල් කරන හැටි.අහන් ඉන්නවා මම.
එයා මට වඩා බාලයි.ඒත් එයාට කෙල්ලෙක් ඉන්නවා.හිතට දරා ගන්න පුලුවන්ද?කෝ මට ආදරයක්

මිනිස්සු කියනවා පොඩි කාලේදී ඉගෙන ගන්න කාලේදී ආදරේ කරලා ජීවිතේම නාස්ති වෙනවලු.එතකොට ඇයි හැමකෙනාම ආදරේ කරලා කසාදත් බැඳලා ළමයිත් හදලා තියෙන්නේ ඉස්කෝලේ යන කාලේ ඉඳං ආදරේ කරලා?

ෆිල්ම් එකක ගියා කෙල්ලෙක් කොල්ලෙක්ට ආදරේ කරන එකක්.ඕව වෙන්නේ ෆිල්ම් වල විතරද?ඇත්ත ජීවිතේදී අපි දිහා බලන්නවත් ගෑනු ළමයෙක් ඉන්නවද?කොච්චර ලස්සන උනත් ගෑනු ළමයෙක් දිහා බලලා අපි ආදරේ කරොත් මිසක් කවදාවත් ගෑනු ළමයෙක් ඇවිල්ල අයියේ,දිමුත් මම ඔයාට කැමතියි කියලා කියාවිද?එක සම්ප්‍රද්දානු කුල නෑලු.එතකොට මුලින්ම ආදරේ දැනෙන්නේ කොල්ලොන්ට නම් ඇයි ෆිල්ම් වල කෙල්ලොන්ගේ ආදරයක් පෙන්නන්නේ..කෝ එතකොට මට ආදරයක්?
මිනිස්සු කියනවා ආදරේ කරන්න ගත්තම එපා වෙනවලු.ෆෝන් බිල,වියදම් ඔක්කොම වැඩි වෙනවලු.වදයක්ලු.හැම වෙලේම කෑවද බිවුවද කියලා අහනවලු.එකත ආදරෙන් නොකිවුවොත් ප්‍රශ්න වෙනවලු.දෙන්නා වෙන් වෙනවලු.එහෙම කියලා ආදරයක් නැතුව එක හිතේ තද කරන් ඉන්න කියලාද මේ ලෝකේ මට කියන්නේ?

ගෑනු ළමයි දිහා බල බල හිතෙන දුක් වේවි ජිවිත කාලෙම අනිත් කපල් දිහා බල බල දුකින් ඉන්න නම් ඇයි මේ ලෝකෙට බිහි උනේ?
දවසක හම්බ වෙන්නේ කොල්ලෙක් යාලු වෙලා හිටියා කෙල්ලෙක් නම්,
එක්කෝ කොල්ලෙක්ට ආදරේ කරපු කෙල්ලෙක් නම්,
එක්කෝ කොල්ලෙක් අතින් අල්ලපු කෙල්ලෙක් නම්,
එක්කෝ රස්සාවට හරි සල්ලි වලට හරි හම්බ වෙන කෙල්ලෙක් නම් ............

ආදරේ කියන්නේ මේකටද?....................


ඕනෑම විෂයක් ආශ්‍රිත ගැටලු වලට පිළිතුරු(School/ Higher Education/Others)




මේ තියෙන්නේ අපි අලුතෙන් පටන් ගත්ත ගෘප් එක.ඔයාලගේ යාලුවන්ටත් මේක දැනුම් දෙන්න මගේ යාලුවෙක් තමා මේක පටන් ගත්තේ..දැන් අහන්න එපා කවුද කියලා.වටිනා කමක් තේරෙන අය එන්න.මේ ගෘප් එකට ඇවිල්ල තමන්ගේ ඉගෙන ගන්න යාලුවන්වත් එකතු කරන්න ගෘප් එකට :)
මේ තියෙන්නේ ගෘප් එකේ ලින්ක් එක
CLICK HERE
මේ ලින්ක් එකට ගිහින් ගෘප් එකට join වෙන්න රික්වෙස්ට් එකක් එවන්න.ඊට පස්සේ ඔයාලගේ ඉන්න යාලුවන්වත් මේකට add කරලා ඉගෙන ගන්න හැමෝම වෙනුවෙන් දායක වෙන්න :)