Sunday, June 17, 2012

දිමුත් මධුශංක වෙන මට දැනුනු ගමනක්



උපුටා ගැනීම තහනම්...වචන නිර්මාණය සම්පුර්ණ අයිතිය මම(දිමුත් මධුශංක)

ටිකක් දිග උනාට කියෙවුවාට පාඩුවක් නැති කතාවක්...

කන්ද උඩින් මීදුමක් නැගෙද්දී වෙලාව උදේ 5.55 විතර මයි හිතේ...සිටිබි බස් එක ඇල්ල වැල්ලවාය පාරේ කන්ද නැග ගෙන එනවා ගැඩවිල් සෙවල පණුවක්ගේ ඇඟේ යන කුම්බියෙක් වගේ ..
කන්ද උඩට එනකොට ටිකක විතර සීතලයි...
ඇල්ල බහින්න කියලා කොන්දොස්තර කෑ ගහලා කියද්දී අපේ තාත්තා බෑග් ඔක්කොම එක
ගන්නවා..ඊලඟ හෝල්ට් එකේ තියෙනවා ඉස්ටේෂන් එක...බහින්න ඕනි ඉක්මනටම.ස්ටේෂන් එකේ බහින්න.....කොන්දොස්තර හයියෙන් කෑ ගහද්දි බෑග් එක අල්ලාගෙන ඉක්මනට බැහැගත්තු අපි 4 දෙනා ඇල්ල ස්ටේෂන් එකට එන්න කන්ද නැග ගෙන පයින් උඩට එනවා....සිතල දැනෙන්නේ නෑ බෑග් වල බර නිසා...හික් ...අපි ඔහොම නැගල ස්ටේෂන් එකට ඇවිල්ලා තාත්තා ටිකට් ගන්නකම් බලන් ඉන්නවා..වොරන්ටි එක තියෙන නිසා සල්ලි ඕනි නෑ ....ටිකට් ෆ්‍රී...
ඔන්න අපි ඇතුළු උනා...ස්ටේෂන් එකට......සුද්දෝ සුද්දියෝ ඉන්න අතරේ ලස්සන ගෑනු ළමයිත් ඉන්නවා...අම්මලා ළඟ නිසා බලන්න බෑනේ ...මොනා කරන්නද රේල් පාරේ පිලි දිහා බලනවා ඇරෙන්න...
ඉතින් ටිකක් වෙලා යනවා..ඈතින් ඇහෙනවා හූ ගාලා සද්දයක්....කඳු දෙවනත් කරගෙන හූ සද්දේ අපේ දෙසවන් වලට ඇහෙද්දී කෝච්චියට නගින්න හරිම ආසාවක් දැනෙනවා....ප්ලැට්ෆෝම් එකට ඔන්න කෝච්චිය වංගු අරගෙන එනවා හරිම ලස්සනයි...ඉක්මනට ෂීට් එකක් අල්ලගන්න ඕනි නිසා ඉක්මනට තාත්තයි මමයි නැග ගන්නවා මුලින්ම කෝච්චියට...දුවල පැනලා පෙට්ටි ටිකේ යන්තම් ෂීට් 4 ක් අල්ල ගන්නවා එක තැන....
ඔන්න කොළ කොඩිය පිටි පස්සේ ඉඳං සුදු ඇඳ ගත්ත මාමා කෙනෙක් කැප් එකක් දාගෙන හරි උජාරුවට වනනවා....එක දැක්ක ගමන් එන්ජින් එකේ ඉන්න ඩ්‍රයිවර් හෝන් එක ගහන්නේ හූ ගාලා....ඒ හූ සද්දේම ආයෙත් කඳු වල වැදිලා වැදෙනවා අපේ කන් වලට ...හරිම මිහිරියි....කෝච්චිය ඔන්න දැන් ටිකෙන් ටික ඇදෙනවා කන්ද දිගේ පයට කිලෝ මීටර 10 ක් 20 ක් අතරේ ස්පීඩ් ඒකෙන...ඒ තමා උපරිම ස්පීඩ් එක...හරිම ලස්සනයි....ලස්සන වතුර ගංගා ඇදෙනවා කෝච්චියට යටින්....ඒවා කොච්චර ලස්සනද කියනවනම් උඩ ඉඳං බැලුවම ගඟේ පතුලේ මාළු පේනවා ඒ තරම් පිරිසිදු වතුර...
හරිම ලස්සනයි ....දිය ඇලි කඩන් වැටෙනවා මේ අතරේදී බණ්ඩාරවෙලට එද්දී මග දෙපස....ලොකු ඒවා නෙමෙයි චුටි දිය ඇලි..වෙලාව උදේ 6.40 විතර...දැන් ඔන්න නැගගෙන කන්ද දිගේ එනවා කෝච්චිය......ජනේලෙන් එබිලා බැලුවම කෝච්චියේ ඉස්සරහත් පේනවා වංගු ගනිද්දී පිටිපස්සත් පේනවා....කඩල කාරයෙක් කඩල කඩල කියලා කෑ ගහද්දි වඩේ කාරයෙක් ඉස්සෝ වඩේ පරිප්පු වඩේ උණු උණු වඩේ කියලා හයියෙන් කෑ ගහනවා....සිතල දරා ගන්න බැරි තරම්....මීදුමෙන් වැහිලා ...පල්ලම් කඳු දැක්කම හිතට හදවතට හරිම නිවනක් දැනෙනවා....ඒ හැඟීම වචන වලින් කියන්න බෑ....එක දැනෙන්නම ඕනි....තියෙන ප්‍රශ්න ඔක්කොම කන්දෙන් පහලට වැටුනා වගේ හැඟීමක් එනවා සත්තයි...
වඩේ කැල්ලක් එක්ක බැදපු මිරිස් කරලක් හපද්දී සීතලට පුදුම සතුටක් දැනෙන්නේ....දැන් හපුතලේ නැග ගෙන පයිනස් ගස් අස්සෙන් කෝච්චිය එනවා හයියෙන් හෝන් එක ගහගෙන......සීතලම සීතලයි....හිරි ගඩු පිපිලා...කිටි කිටි ගානවා දත් ටික....
ඉද්දමල්ගොඩ පහු වෙද්දී ඔන්න දිග බිංගි හම්බ වෙනවා.......කොල්ලෝ කුරුට්ටෝ හූ ගාලා සද්ද කරද්දී මාත් පොඩ්ඩක් අනිත් අයට ඇහෙන්නේ නැති වෙන්න හූ කියලා කියනවා...ඒත් කරුමෙට මගේ හුව ඇහෙන්නේ නෑ...මට හූ කියන්න බෑ...කරුමේ කියන්නේ ඕකට තමා...හික්...ඉතින් ඔහොම උඩට උඩට නැග ගෙන එද්දී ඔන්න වම් අත පැත්තේ තියෙනවා අඹේවෙල කිරි මධ්‍යස්‌ථානය...එකේ පෙන්න දෙයක් නෑ....ඒත් ඉතින් ඔන්න දැන් අපි ඉන්නේ පට්ටිපොළ දුම්රිය ස්ථානයේ....දැන් නම් සීතලයි හිටු කියලා..ජර්සි දාගෙන ඉන්නත් බෑ..ඒ තරම් සීතලයි..කලින් දවසේ වැස්ස නිසා සිතල වැඩි වෙලා....
ඉතින් කොහොම හරි දැන් ඔන්න වටවල හරියෙන් බහිනවා කෝච්චිය හෙමින් හෙමින් ...දැන් අර කන්ද නැගල ඉවරයි....ඉර අවුවක්‌ පේන තෙක් මානෙක නෑ...ඉර එළියක්‌ වැටුන චුටි තැනකට උනත් ටක් ඇඟිල්ලක් හරි තියලා සිතල මකා ගන්න වෙර දරනවා.....
ඉතින් වටවල තේ වතු ටික පල්ලමෙන් පේනවා හරිම ලස්සනයි..තේ දළු නෙලන ඇන්ටිලා කුම්බියෝ තණකොළ ගස් වල ඉන්නවා වගේ මට පෙන්නේ...හරියටම කිවුවොත් ඈත තියෙන පිට්ටේනෙක හරක් ටක තණකොළ කනවා වගේ.....හරිම ලස්සනයි..කොළ පාටට පාටේ මුළු පලාතම පුදුම හිතට සැහැල්ලුවක් ගේනවා....
ඔහොම එද්දී ඔන්න දැන් නානුඔය පහු වෙලා මගේ පරණ කෑල්ල හිටිය හැටන් අන්න එහෙත් පහු වෙලා :D එනවා පේරාදෙණියට....නුවරට යන සිල්වත් ඇත්තෝ ටිකයි සුද්දෝ ටිකයි එතනින් බැහැලා යද්දී අපි ඔන්න කඩුගන්නාව කන්ද බැහැගෙන එනවා කඩුගන්නාව කපොල්ල දකිද්දී හරිම සතුටුයි...තව පොඩ්ඩෙන් අමතක වෙනවා...ඇයි උතුවන් කන්ද සිරිපාදේ ...හරිම ලස්සනට පේනවා...ඒ විතරද...දිය ඇලි තොගයක් කඩන් වැටෙනවා..ලස්සන ගංගා වල් ගොඩාරියක් බහිනවා...ඉහල කොත්මලේ ජලාශේ එහෙම පෙනෙද්දී මාරයි ඈ..
ඉතින් ඔහොම ඔහොම හෙමින් පල්ලම් බැහැලා ඔන්න දැන් රඹුක්කනට ආවා...එතන ඉඳං තැන්න තියෙන්නේ...පුදුම හදිසියක් නැග්ග එක පාරට කෝච්චියට....පැයට කිලෝ මීටර 20 ට විතර ආපු කෝච්චිය දැන් 80 ට විතර යනවා පුදුම යෑමක්......
පොල්ගහවෙල පහු වෙලා දැන් දැන් නගරෙට කිට්ටු වෙනවා...දාඩියයි පුදුම විදියට......ඔන්න වේයන්ගොඩ ගම්පහ රාගම පහු වෙලා දැන් දැන් එනවා නගරෙට......ඔන්න මරාදානේටත් කිට්ටු උනා...පල් ගඳ ඉවසන්න බෑ....හැමතැනම කොන්ක්‍රීට් ගස්......මිනිස්සු දාඩිය පෙරාගෙන දුවනවා දුවනවා කාර් වාහන තෙල් පෙර පෙර දුම් දාගෙන ට්‍රැෆික් ලයිට් වලට බැන බැන ඉංග්‍රීසි වචන දොඩවා දොඩවා සල්ලි කියන මාරයා පස්සේ දුවනවා....මනුස්ස කමක් හිතවත්කමක් හැමදේම කම්පැනි එකේ ලොක්කට භාර වෙලා...කොටුව ස්ටේෂන් ඒකෙන බහිද්දී මිනිස්සු දුවන දිවිල්ල දැක්කම මට හිතුනේ.................
ජිවත් වෙලා මොකටද මිනිසුනේ මෙහෙම .........අතේ සල්ලි නැතත් ඒසී රූම් වල නැතත් මනුස්සකම ඇතුව තමන්ට පහසුකම් ඇතුව නියම හදවතේ සැහැල්ලුවෙන් ජිවත් වෙන මිනිස්සු ටිකක් පහු කරගෙන ආවා කෝච්චියත් රඹුක්කන පැනල නගරෙට කිට්ටු උනාම වෙනස් උනා වගේ කොළඹ කියන සීමාවට පය ගැහුවට පස්සේ ඕනිම මිනිහෙක්ගේ හිතේ හදවත සතුට හිතේ සැහැල්ලු කම ආදරය ටිකකට පැත්තකට කරලා සල්ලි බලය පස්සේ දුවන ජනප්‍රියතාවය පැන පැන සොයන කොන්ක්‍රීට් විදුරු ගෙවල් වල ජිවත් වෙන ඔහෙලට වඩා හදවතින් පෝසත් ගස්වැල් එක්ක ජිවත් වෙන කොළ පාට ජිවිතයක් එක්ක ඉන්න මිනිස්සු එක්ක ඉන්න මට වාසනාවක් ඇත්නම් ........


0 comments:

Post a Comment