Friday, January 27, 2012

වෙනත් ආගම් වලට බනින්න එපා

යාලුවනේ අපේ ගෘප් එකේ අරමුණ නිසා මේ බ්ලොග් එකෙත් වෙනසක් කරන්න හිතුන ඉතින් ඒක නිසා ජීවිතේට උදවු වෙන දේවලුත් අද ඉඳං දන්නා හිතුනා අනිත් බ්ලොග් වල සොෆ්ට්වෙයාර් විතරමනේ ඉතින් අලුත් දෙයක් කරන්න හිතුනා

වෙනත් ආගම් අපේ බුද්ධාගමට අගෞරව කරන හේතුව බැලු විට අපේ ලංකාවේ ඉන්න සමහර ගොන් පැටවුට තේරෙන්නේ නැති ඒක දෙයකි. එ අපේ ආගම අනිත් ආගම් වලට වඩා උස් තැනක තිබීම සහ අපේ ආගම අනිත් අය ආදරයේ වැළඳ ගන්නා එකට ඇති ඉරිසියවකි ඒක අපේ සමහර ෆේස්බුක් එකේ හරක් පැටවුන්ට තේරෙන්නේ නැත අපේ ආගමට බුදුන් ඉන්න කාලේදී වෙනත් ආගම් වලින් අගෞරව කරපු හැටි අපි බන කතා වලින් අසා ඇත්තෙමු එ කාලේදී බුදුන් වහන්සේ කම්පා නොවන ගුණය එවිට දේශනා කල සේක

බුදුන් වහන්සේ අපිට කියා දුන්නේ වෛරයෙන් වෛරය නොසංසිඳෙන බවයි අවෛරයෙන්ම පමණක් වෛරය සංසිඳෙන බවකි අපේ ආගමේ කියා දෙන සත්‍ය එ කරුණාව එ බුදු දහමේ ඇති මෛත්‍රිය වටිනාකම තේරුම ගත කතෝලික වේවා ඉස්ලාම් වේවා එ ආගම් වල හැමෝම නොව සමහර අය ඉරිසියාවට තරහට අපේ ආගමට අගෞරව කිරීමට නොයෙකුත් දේ කරයි නමුත් කම්පා නොවන ගුනේ අපිට බුදුන් වහන්සේගෙන් ලැබී ඇත බුදුන් වහන්සේ අපිට දේශනා කල ඇති බන අපේ සමහර මිනිසුන් පිලි නොපිලි ගන්නා බවක් දැන් දැන් පෙනී යයි

අපේ බුද්ධාගමට අගෞරව කරන අයට කෙදිනක හෝ දිනක එහි පල විපාක ලැබෙනු ඇත නමුත් දැන් අපේ මහා ලොකු බුද්ධාගම් කියල රටට පෙන්න ඉන්න සමහර මිනිසුන් කරන දේවල් බල සිටීමට නොහැක ඔවුන් දැන් බ්ලොග් හදාගෙන පේජ් හදාගෙන අනිත් ආගම් වලට අගෞරව කරන්නේ තමන් බුද්ධාගමේ කියා අමතක කරමිනි බුදුන් අපිට දේශනා කරේ අනිත් අයගේ ආගම් වලින් අපිට කොතෙකුත් බාධා ආවත් අපිට කෙතරම් අගෞරව කරත් ඒවා දරා සිටීමටය බුදුන්ට එවැනි දේවල් ආ කල බුදුන් කරපු දේ අපිද කල යුතුය කම්පා නොවන ගුනේ අපිට ඇති විය යුතුය වෛර නොකිරීමට අපි කටයුතු කල යුතුය අනෙකුත් ආගම් වලට නිගෞරව කරමින් ඔවුන්ගේ වැරදි සොයමින් අපේ බුද්ධාගමේ මිනිසුන් කරන දේවල් සුදුසුද?පේජ් වලින් බ්ලොග් වලින් අනිත් ආගම් වලට බැන බැන අනිකුත් ආගම් කරන වැරදි ගැන කතා කරමින් අපි ඔවුන්ගේ ආගම් මොන දේ කරත් විරුද්ධ නොවිය යුතුය
බුදුන් දේශනා කරපු බන පිළිපදින නියම බුද්ධාගමේ මිනිහෙක් නම් කවදාවත් තමන්ගේ නිවන හෝ ඊළඟ ආත්මෙකට පිනක් කර ගන්නවා මිසක් අනිත් ආගම් වල ඉන්න අයට බැන බැන වෛර කර කර කාලය කා දමන්නේ නැත එ කෙසේ වෙතත් අවසානයේ කිව යුත්තේ එ මොන දේ උනත් අපේ ආගම නැති වීමට ඉඩ දෙනු බැරිය එසේ අවස්ථාවක් පැමිණියොත් බුද්ධාගම රැක ගැනීම පිණිස අපි ක්‍රියා කරන නමුත් අනෙකුත් ආගම් වලට කිසි දින අගෞරව කිරීමට හෝ අනිකුත් පේජ් රිපෝට් කිරීමට හෝ බ්ලොග් රිපෝට් කිරීමට කටයුතු නොකළ යුතුය අපේ ගොන් හරක් කරන්නේ අපේ ආගම ගැන හෝ අපේ බුදුන් ගැන වැරදියට තියෙන පේජ් හොයා ගෙන ගොස් ඒවා තමන්ගේ වෝල් එකේ දා එ පේජ් රිපෝට් කිරීමට හෝ බ්ලොග් රිපෝට් කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලීමකි එසේ කිරීමෙන් ඇතිවෙන අතුරු අබාධ ගැන අපේ හරක්ට හිතෙන්නේ නැත
එ පේජ් ලොකු පබ්ලිෂ් එකක් ලැබෙන්නේ එසේ කිරීමෙනි එවිට අනෙකුත් සියලු අන්‍ය ආගම් අය එම පේජ් වලට යයි රිපෝට් කිරීමට පෙර ඔවුන් එහි ඇති දේ බලයි ඒවා ඔලුවට ගනියි කිසි විටෙකත් අපේ ආගම ගැන නොසිතු පිළිකුලක් එවිට ඔවුන් තුල ඇති වෙ එය කිරීමට උදවු කරන්නේ අපේ මහා ලොකු බුධ්ධාගම් කාරයෝය රිපෝට් කිරීම කලත් ඔවුන් තව පේජ් බ්ලොග් හද ගනී නමුත් කවුරුත් දැක නැති කවුරුත් නොදන්නා පේජ් රිපෝට් කිරීමට හෝ බ්ලොග් රිපෝට් කිරීමට ගොස් අන්‍ය ආගමිකයන්ගේ අරමුණු ඉටු නොකර තමන්ගේ පාඩුවේ හිටියනම් අපේ ආගමේ අපි නියම බුදුන්ගේ පුතුන් කියා අනිත් ආගම් වලට පෙනෙනු ඇත
මං කියූ දේ එන ඒක වරක් නොව සිය දහස් වතාවක් හිතල බලන ලෙස නියම බුද්ධාගමේ මිනිසුන්ගෙන් ඉල්ලා සිටිමි

0 comments:

Post a Comment