Tuesday, January 15, 2013

අද ජිවිත

කියන්න ඔනිමයි කියලා හිතෙන නිසා කාලෙකට පස්සේ වගේම එන්නේ නෑ කියලා හිටිය කාලේ සමාජේ ඉන්දෙද්දී හිතුන අනිත් අයටත් මේ ගැන පණිවිඩියක් දෙන්න ඕනි නිසා ඇවිල්ලා යන්න හිතුනා.හොඳ දෙයක් කරන්න පොඩි දෙකට ෆේස්බුක් එක පැත්තට ආවට කමක් නෑ කියලා හිතුන නිසා තමා මේ පොස්ට් එක දාන්නේ. :)

දිය පොදක් ගෙනියන ඔහු පේනවා ඈතින් මට වැරහැලි ඇඳුමක් ඇඳගෙන ඇවිදගෙන යනවා විදිය දිගේ.සීතලට ඔහු ගුලි වෙන්න තැනක් හොයනවා වගේ පේනවා මට.දිගා වෙනවා ඔහු විදියේ කොණක.ඇඳන් ඉන්න ඇඳුමේ ඉරි ගිය තැන් වලින් ඔහු සිතලා මකා ගන්නේ කෙසේද?සිතෙනවා මට.මිනිස්සු කියනවා හිඟන්නෙක්ලු ඔහුට..එබෙනවා මගේ හිත ඇතුලට මම.අහනවා හිතින් මම.ඇත්තද?හිඟන්නෙක්ද ඔහු?කියනවා සිත මට.නැහැ ඔහු මනුස්සයෙක්.අහනවා ඔහුගේ සිතින් පොඩි ප්‍රශ්නයක් මම.පාරේ යන බල්ලෙක් ගානට වැටුනේ ඇයි ඔබ?බල්ලට කෑම දෙන ලෙසම මිනිසුන් දෙයි ඔබටද මාරු කාසි අරන් සාක්කුවෙන් පිටතට.කොතනද වැරදුනේ ඔබට මිතුර මේ පොලොව මත?බලනවා ඉහල අහස තුල දෙවියෝ දෙස මම.සොයනවා දෙවියෙකු මම.පේනවා වලාකුළු මට.

ටිකට් පොතක් රැගෙන කෑ ගසයි ඔහු නිතරම ඇඳුම ලා කහ පාටට හුරුයි නොවැ.හෝමා කොට්ටා මහරේ ටවුන්හෝල් ගාමිණි හෝල් ලේක් හවුස් පිටෝටුවා පිටෝටුවා.ඔහුගේ වචන සෙට් එකක් නිතරම කියවන විට.මහන්සියි වගේ ඔහුට.දවසෙම හිටගෙන.සෙනග අතරින් ඔහු දිවෙනවා ඉස්සරහට පසුපසට.සොයයි ඔහු ජීවිතය ටිකට් පොතක් ඇතුලෙන් දුක් විඳිමින්.මිනිස්සු කියනවා කොන්දොස්තරයෙක්ලු ඔහුට.එබෙනවා මගේ හිත ඇතුලට මම.අහනවා හිතින් මම.ඇත්තද?කොන්දොස්තරයෙක්ද ඔහු?කියනවා සිත මට.නැහැ ඔහු මනුස්සයෙක්.අහනවා ඔහුගේ සිතින් පොඩි ප්‍රශ්නයක් මම.දවසේ නැහිලා නැහිලා කටේ උගුරේ කෙල ලේ වෙන තුරු කෑ ගහලා සොයන්නේ මොන ජීවිතයක්ද ඔබ?එක එක්කෙනා ලඟට ගිහින් අත පායි ඔබ.කොතනද වැරදුනේ ඔබට මිතුර මේ පොලොව මත.බලනවා පහල පොළොවේ කුඹියෝ දෙස මම උන් දුවනවා පේළියකට.සොයනවා ඒ අතරින් සැපට යන කුඹියෙක් මම.හැම එකාම එක වගේ බව පෙනෙනවා මගේ නෙත් වෙත.බලනවා කොන්දොස්තරගේ උගුර දිහා මම.උගුරේ ලේ රහ වෙන්නට පතනවා මම.

උදැල්ල ඇත ඔහුගේ කර මත.ජටාවක් වගේ එකක් බැඳ ගත්ත ඔහු උදේ පාන්දරම යයි ඇවිද ගෙන.ගමේදී යනවා ඔහුගේ පසුපස මම.යනවා ඔහු කුඹුරක් වෙත දුවගෙන.නියර කඩා ඔහු වතුර හරවයි එක එක නියැදි වලට හරි හරියට.මහන්සියි ඔහුට ටික වෙලාවකින් හිඳ ගනී ඔහු කුඹුරේ නියරක් උඩ.කෙනෙකුට හාල් දෙන්නට නොවැ මහන්සි වෙන්නේ කියා කවුරුත් කියයි ඔහු ගොවියෙකු බව.නැහැ ඔහු ඒ දේ කරන්නේ ඔහුගේ ජීවිතය ගැට ගසා ගන්නට බව සිතුවාද මොහොතකටවත් ලංකාවේ මිනිස්සු වෙන අපිට? පව් කියා සිතෙනවා මට.මිනිස්සු කියනවා ගොවියා කියා ඔහු වෙත.එබෙනවා මගේ හිත ඇතුලට මම.අහනවා හිතින් මම.ඇත්තද.හොවියෙක්ද ඔහු?කියනවා සිත මට.නැහැ ඔහු මනුස්සයෙක්.අහනවා ඔහුගේ සිතින් පොඩි ප්‍රශ්නයක් මම.නියර බැඳලා කුඹුරෙන් අස්වැන්න ගන්න වෙර දරයි ඔබ.ඒ අස්වැන්නෙන් ඔබ ජිවත් වෙයි කන්නයක් පුරාවටම හරි අමාරුවෙන් ඉඳගෙන..කොතනද වැරදුනේ ඔබට මිතුර මේ පොලොව මත?බලනවා නියරේ සර්පයෙක් දිහා මම.බලනවා ගොවියාගේ කකුල් දිහා මම.තුවාල පැල්ලම් ඔක්කොම නැති වෙලා හොඳ අස්වැන්නක් ගන්න කොහොම හරි ඔබ.සුබ පතනවා මම.

තවත් දේවල් කිවීමට ඇත මා හට.රිදෙයි අත ගොඩක් ටයිප් කර.ෆේස්බුක් එකට වෙලා අපි ගෙවන ජීවිතය ගැන හෝ රැකියාවක් නොකර ගෙවන ජීවිතය ගැන හිතු කල.දුකක් එයි මා හට.ලොක්කන් කාර් වාහන වල යද්දී දුප්පත් මිනිහා තැලෙයි හැමදින.ස්විස් බැංකු වල කොටි ගණන් තියෙද්දී ඇමති වරු ළඟ ජනාධිපති ළඟ.විපක්ෂේ මන්ත්‍රී වරු ළඟ.රුපියල් 10 ටත් අතේ කරගැට එනතුරු උගුරේ ලේ රහ වෙන තුරු මහන්සි වෙයි ජිවිත කාලෙම.කෙනෙකු සොෆ්ට්වෙයාර් හදද්දී කෙනෙකු බස් එකක කොන්දොස්තරයෙකු විය.කෙනෙකු කම්පැනි එකක් පටන් ගනිද්දී කොටි ගණන් හම්බ කර කෙනෙකු කරගැට එනතුරු කුඹුරු කොටයි කන්නෙන් කන්නට.කෙනෙකු මුදලාලි කෙනෙක් වූ විට තවත් කෙනෙකු පාරේ නිදා ගන්නා බල්ලන් සමඟ නිදා ගනියි තනියම.ඒ රැකියා නැති උනොත් අමාරු වෙනවා නිසැකවම.නමුත් දුකයි ඔවුන් දැක්ක විට සල්ලි හම්බ කරන්න වෙර දරන හැටි තනියම.මේ ලැබුණු ජිවිත කාලේදී හම්බ කිරීමට බැරි උණු දේ නොදකින නොදන්නා තවත් ආත්මෙකදී ලැබී මොකටද?පොඩි පොඩි රැකියා කරද්දී ලොක්කන් ළඟ.ඔවුන්ට සාපේක්ෂව අර පොඩි පඩියට වැඩ කරමින් සොයනා සල්ලි ටිකෙන් ජිවත් වෙනවා හැමෝම ලොකුවට.

පුළුවනි නම් හැමෝම කෝටිපතියෝ ලක්ෂපතියෝ කරන්නට ඔය කියනා ධර්මයකට හෝ දෙවියෝන්ට?පුළුවනි නම් අපිටත් යන්නට දවසක උඩටම.පුළුවනි නම් යන්න ලොකු තැනකට.කාලා ජිවත් වෙන්නට හැකි තැනකට.මේකප් තුලින් නොව ජිවිතයේ අරුත වැටහෙයි සන්ග්ලාස් නැතුව බැලු කල හැම මිනිසෙකු දෙසම.පුළුවනි නම් බලන්න පාරේ යනකොට මින්සුන් දෙස.දීප්තිමත් ඇස් බලාපොරොත්තු වෙන වග පෙනේවි ඔබටත් දිනෙක නිසැකවම

0 comments:

Post a Comment