Saturday, October 27, 2012

තවත් එක බලු කතාවක්

අඩේ මචන් මේක සිරා කතාවක් ඈ තනිකර ඇත්ත කතාවක්...
ඔන්න ඉතින් අපේ ගෙදර තියෙනවලු.ඊට පිටිපස්සේ තවත් සල්ලි තියෙන ගෙදරකුත් තියෙනවලු...
ඉතින් එ ගෙදර උදවිය අලුත පදිංචියට ආපු කට්ටියක්ලු...
ඉතින් ඔය ගෙදර බලු තඩියෙක් ඉන්නවලු....උගේ නම ** ලු
ඉතින් ඔහොමම අපේ ගෙදර ඉස්සරහත් ගෙදරක් තියෙනවලු..එ ගෙදර බැල්ලියෙක් ඉන්නවලු.ඌ ටිකක් නාකියි.අරුට අක්කා කෙනෙක්ද කොහෙද වෙන්නේ.එච්චර සල්ලි තියෙන ගෙදර බැල්ලියෙක් නොවුනට එ බැල්ලි

ටිකක් ලස්සනයිලු.අර බල්ලත් හෙන ලස්සනයිලු...
ඉතින් එ බැල්ලිගෙ ගෙදර ඉස්සරහ කඩයක් තියෙනවලු.එ කඩේ බල්ලෝ දෙන්නෙක් ඉන්නවලු.උන් ඉස්සර ඉඳං හිටිය බල්ලෝ දෙන්නෙක්.ඉතින් අර බැල්ලිට අර බල්ලෝ දෙන්නගෙන් එකෙක් ටෝක්...
කොහොම හරි අර බල්ලට මේ බැල්ලිගෙ හිත ගියාලු..මේ බල්ලත් අර බැල්ලි එක්ක සෙට් උනාලු...
දැන් ඉතින් අර කඩේ බල්ලට ජෙල ලු....ඌ අර මේ ගෙදර බල්ලත් එක්ක හේනට තරහයිලු...
අහු උනු ගමන් මරා ගන්නවා.ඉතින් ඔය බලු කේස් එක නිසා කොහොම හරි දැන් ගෙවල් ටිකත් එක එකාට තරහයිලු...
ඕකෙන් මේකෙන් වදේ අපේ ගෙදරට.ඇයි යකෝ වටේම බලු විමානේ ඉතින් මට නිදාගනිල්ලක් නැතිලු...
දවසක් ඔන්න මෙහෙට ආවා අලුතෙන් බැල්ලියෙක්..දැන් අර අල්ලපු ගෙදර බල්ලට මේ බැල්ලි ගැන හිත ගියාලු..දැන් මු එ බැල්ලිට පණ ඇරලා ආදරෙයිලු....
කොහොම හරි අර නාකි බැල්ලිට මු බුට්‌ එක තිබ්බලු.දැන් අර නාකි බැල්ලිට යන එන මං නැතිලු...
කොහොම හරි අර අලුතෙන් ආපු බැල්ලිත් එක්ක අල්ලපු ගෙදර බල්ලා බලු වැඩත් කරාලු.
පස්සේ එ බැල්ලිට තවත් බල්ලෝ ටිකක් සෙට් වුනාලු.දන්නේ නැද්ද ඉතින් බැල්ලියෝ බල්ලෝ උනාම ...
ඉතින් කොහොම උනත් මේ බැල්ලි මේ බල්ලට පණ ඇරලා ලව් ලු...
මුන් දෙන්නගේ ලව් එක නිසා අනිත් බල්ලොන්ට මළලු....ඉතින් මුන් කෙලගන්නවලු....
ඉතින් නිදාගනිල්ලක් නැති නිසා මම කොරපු දේ දවසක් රෑ 7 ට විතර පොල්ලකුත් අරන් අර කඩේ බල්ලොන්ටයි මේ බල්ලන්ටයි හැම එකාටම දීලා අදින්න එලියට බස්සලු...
බැස්සා විතරයි කඩේ ඉන්න මිනිහයි ගෑනියි මට කෙලවන්න ආවලු....
බෙලි කපනවා කියාගෙන එ කඩේ මිනිහා මගේ ලඟට ආවලු.මම අතේ තිබුණු පොල්ල කරකවලා ඇයි ඇයි තොපිලා මොකද කියන්නේ කියලා කිවුවලු.නිකන් මෙතන බල්ලෝ නිසා මිනිස්සු එක්ක වලි දාගන්න එන්න එපා දන්නේ නෑ උඹලා කවුද කියලා කිවුවලු.ඊට පස්සේ තාත්තයි අම්මයි ඇවිල්ලා උන්ට බනින ගමන් එදා මෙතන හෙන වලියලු...
ඕක එතනින් ඉවර උනාලු.අර බැල්ලිව ගෙනාපු කෙනාට කිවුවලු මේ වදේ ගෙනියන්න කියලා...
කොහොම හරි එ බැල්ලිව අර අයිතිකාරි මෙහෙන් කිලෝ මීටර 30 කට එහා දුරට ගෙනිච්චලු...
ඔන්න අර බල්ලා එ බැල්ලි පස්සෙන් කිලෝ මීටර් ගානක් වීල් එක පස්සෙන් දිවුවලු....
ඒත් ඌ ට එක අල්ලගන්න බැරි උනු නිසා ආයෙත් ආවලු..දැන් එ බල්ලා ආයෙත් තනි උනාලු...
අර නාකි බැල්ලි ආයෙත් මේ බල්ලා එක්ක සෙට් වුනාලු...
ඔහොම ගිහින් අද දවස ආවලු...මෙන්න දැන් ටිකකට කලින් අර බැල්ලි මේ බල්ලව හොයාගෙන ඇවිල්ලා තනියම :O
ඊට පස්සේ අර බලල හිටියේ අර තට්ටු දෙකේ ගෙදර ගේට්ටුව ඇතුලේ.මුට එලියට යන්න විදියක් නැතුව හිටියේ.බුරනවා බුරනවා දෙන්නම ඉවරයක්‌ නැතුව...
උඹලා කිවුවට විශ්වාශ කරන්නේ නෑ මචන් මේ ඇස් දෙක පල්ලා අල්ලපු ගෙදර බල්ලා උඩ තට්ටුවට ගිහින් බිමට පැන්නා කියපන්කො අර බැල්ලි නිසා....
අඩෝ සිරා ඈ...මම බල්ලෝ දැකලා තියෙනවා හදලත් තියෙනවා...ඒත් මෙහෙම ලව් එකක් නම් දැකලා නෑ....
මේක තවත් බලු කතාවක් උනාට ඒත් මචන් මේ වගේ සිද්ධි අද ලංකාවෙත් සිද්ධ වෙනවා කියලා මට මේවා ඔක්කොම බලා ඉන්දෙද්දී හිතුනා..
එක බැල්ලියෙක් ඉද්දි එ බැල්ලිව අත ඇරලා තව අලුත් බැල්ලියෙක් එක්ක යන බල්ලොත් ඉන්නවා.
එ වගේම බල්ලෙක් ඉද්දි එ බල්ලව අත ඇරලා අලුත ආපු බල්ලෝ එක්ක යන හෝ පරණ බල්ලා එක්ක යන බැල්ලියොත් ඉන්නවා....
එක අතකින් බල්ලොන්ගෙයි මිනිස්සුන්ගෙයි වෙනසක් නෑ කියලා මේ බලු කේස් එක නිසා මට තේරුනා බන් :(
මේක සත්‍ය සිද්ධියකි...වචනයක්වත් බොරු නොව...මම පල්ලා මගේ ඇස් දෙක පල්ලා....
හ්ම්ම්

0 comments:

Post a Comment