Saturday, October 27, 2012

මල්සරාට ලියු ලියුමක් @Dimuth Madushanka

කාලකන්නි මල්සරා වෙත ලියමි....
යකෝ උඹ විදිනකොට විදින්නේ හැමදාම කෙල්ලෝ 2 ක් 3 ක් දාගන්න පුළුවන් කොල්ලොන්ට විතරයි....
උඹට අනුකම්පාවක් නැද්ද අපි ගැන....
දැන් බලපන් උඹ බැඳලද නෑ?උඹ බැඳලා නැතුව වෙන කොහෙවත් ඉන්න උන්ට දුනු විද විද ඉන්නේ නැතුව උඹ ගිහින් බැඳපන්....
එතකොට මේ අපි වගේ තනිකඩයන්ට අපිට ඕනි වෙලාවට කෙල්ලෙක් හොයා ගන්න පුළුවන්....
උඹ විදින්නේ අර කෙල්ලෝ 7 ක් 8 ක් එක්ක යාලු වෙලා ඉන්න හිටිය කොල්ලොන්ටම තම

යි තවත් කෙල්ලොන්ගේ ලව්...
ඕක අපේ බැරි කම වෙන්න ඇති...ඒත් ඉතින් අපිට කියලා කෙල්ලෝ දාගැනීමේ හැකියාවක් පරම්පරාගතව ආවේ නැහැනේ......
ඒක ආපු උන් එහෙම අයව දාගන්නවා ඇති......ඒත් මේ කාලකන්නි අපිට එකකවත් නෑ.....
උඹ අපිට විදින්නෙම අක්කලට ලව් කරන ඊතලේමයි......බැලුවොත් අක්කලා....
එහෙම නැත්නම් උඹ විදින්නේ ෆේස්බුක් එකේ කෙල්ලෙක්ට....එහෙම අයව ගිහින් බැලුවම උඩින් ජම්පින්.යටින් තෙරපින්
එහෙමත් නැතිනම් උඹ මුසලයා වගේ විදින්නේ යාලු වෙලා ඉන්න කෙල්ලොන්ට.....එහෙම උන් තව එකක් එක්ක සෙට් වීමේ සම්භාවිතාවය අඩුයි....
එහෙමත් නැතිනම් උඹ විදින්නේ අපිට බුට්‌ කාපු කෙල්ලෙක්ව.....උන්ව දාගන්න එකට වඩා හොඳයි ගහක ගලක් බැඳගෙන මුහුදේ පනින ඒක...එකවත් එච්චර අමාරු නෑ......
මම කියන්නම් අනේ දෙයියනේ උඹ උඹේ මගුලක් කරගනින් අනුන්ට දුනු විදින්න යන්නේ නැතුව....
අපි බලාගන්නම් අපිට ඕනි කෙල්ලට දුන්න බැරි නම් හෙල්ල විසි කරලා හරි දාගන්න විදිය...
උඹ වගේ කාලකන්නියෙක් ඉන්නකම් අපිට හරි යන්නේ නෑ......
මම ප්‍රාර්ථනා කරනවා උඹටත් මගුලක් සෙට් වෙලා උඹේ ගෑනි උඹට කිසිම කෙනෙක්ට දුන්නක් විදින්න දෙන්නේ නැතුව තියා ගනින් කියලා...
එදාට තමා අපිට අපේ දුන්න විදින්න වාසනාවක් ලැබෙන්නේ....

ස්තුතියි.
මිට තනිකඩ කොල්ලෙක්

0 comments:

Post a Comment